අද(04) උදෑසන ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටි මුහුදේ අනතුරට පත් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි පුද්ගලයින් 30 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අද(04) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙරට මුහුදු සීමාවට ඔබ්බෙන් යම් කිසි නාවුක පිරිසකට අනතුරුක් වුවහොත් මානුෂීය වශයෙන් එම ජීවිත ආරක්ෂා කර ගැනිම සඳහා රජය බැඳී සිටින බවත්, ඒ අනුව එම පිරිස බේරා ගැනීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇති බවත්, එම පිරිස ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයිද ඒ මහතා පැවසීය.


