පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද (03) පෙ.ව 9.30ට රැස් වෙයි.

අද දිනයේ පෙ.ව 9.30 – 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව 10.00 – 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. පෙ.ව 11.00 – 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා කාලය නියමිතය. පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර, ප.ව 5.00 – 5.30 දක්වා විපක්ෂය ගෙනෙන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ.