ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්
  • SocialShare:

අද(17) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ගරුත්වය සහ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීම සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටිම සඳහා නිසි ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ  සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද පැවසුවාය. එම වරලත් ආයතනය ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයිද ඇය පැවසුවාය.

මෙම ආයතනය පිහිටුවීමෙන් පසු නිසි ගරුත්වයෙන් යුතුව තම වෘත්තිය කටයුතු සිදුකරගෙන යාමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබෙන බවද පැවසුවාය.

මාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන මෙම වසරේදීත් ක්‍රියාත්මක කරන බවත් , මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ වැඩසටහනක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය , ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද පැවසුවාය.

තවද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්  මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයාගේ අත්සනින් ලිපියක්ද නිකුත් කර ඇතැයිද කීවාය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය, කර්මාන්තයක් ලෙස සංවර්ධනය වී නොමැතිවීම ගැටලුවක් බවත් මෙම ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය  

ජනමාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය උදෙසා වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද අවධාරණය කළාය.