පාර්ලිමේන්තුව අද (17) සිට 20 වන සිකුරාදා දක්වා රැස්වෙයි.
අද පෙ.ව. 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත.
අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීම විවාදයට ගැනීමට නියමිත අතර, මැතිවරණ නීති සමාලෝචනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට(18) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත, රේගු ආඥාපනත සහ මෝටර් වාහන පනත යටතේ නියමයන් හා යෝජනා කිහිපයක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය.
පෙබරවාරි 19 වන දින අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිත බව ද සඳහන් වේ.
පෙබරවාරි 20 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටද එකඟත්වය පළ වී ඇත.


