රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි

රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි
  • SocialShare:

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වන අද (19 ) විවාදයට ගැණුනු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) වැඩි ඡන්ද 94 කින් සම්මත විය.


කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.10 ට පමණ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103 ක්ද විපක්ෂව ඡන්ද 09 ක්ද හිමි විය. එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අනෙකුත් වැය ශීර්ෂ ජන්ද විමසීමකින් තොරව සම්මත විය.
මේ අතර අද විවාදයට ගැනුණු කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ජන්ද විමසීමකින් තොරව සම්මත විය.
තවද කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහාවූ යෝජනාවට ද අද දින අනුමතිය හිමිවිය.