රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 330ක්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මෙවර අයවැයෙන්  රුපියල් බිලියන 330ක්
  • SocialShare:

රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 330ක ප්‍රතිපාදනයක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා ඇමති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.


අද පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත් කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරින් සඳහා රාජ්‍ය සේවා පුහුණු ආයතනයක් පිහිටුවන බවද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අලුතින් 76,000ක් බඳවා ගැනීමට සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීමට 2025 වසරට රුපියල් බිලිනය 110ක්ද,2026 සඳහා රුපියල් බිලියන 110ක්ද, 2027 සඳහා තවත් රුපියල් බිලියන 110ක් වශයෙන් රුපියල් බිලියන 330ක් වෙන් කර තිබේ.
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කළ යුගය අවසන් කළ බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට 76,000ක් බඳවා ගන්න සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවාව ශක්තිමත් කරමින් ගෞරවනීය රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් සිදුකරන බවද පැවසීය.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු 1938ක්, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවත්, ඉන්දියානු සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ධාරිතාව වැඩි කිරීමට ඉන්දියානු සහාය ඇතිව
වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති අතර, නිලධාරීන් 1500ක් සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇතැයිද පැවසීය.