කොළඹ මහනගර සභාවේ ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ අප ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ලබන වසර අවසානයේ අවසන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ආචාර්ය චන්දන අබයරත්න මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කොළඹ මහ නගර සභාව වසර 100 කට වැඩි කාලයක් තිස්සේ ආරම්භ කර තිබුණ ද, එදා සිට ගොඩගැසුණු ප්‍රශ්න විසඳා නොතිබූ අතර ඒවා විසඳීමට වත්මන් ආණ්ඩුුව යටතේ මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ විපක්ෂය විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කිරුලපන මලාපවාහන පද්ධතිය සහ පොම්පාගාර ඉදි කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව අර්ධ වශයෙන් වැඩ අවසන් කර ඇති බවත් වැල්ලවත්ත අපජල පවිත්‍රාගාර කොන්ත්‍රාත්තුව අන්‍යෝන්‍ය අවබෝධය මත අවසන් කර ඇති අතර උපදේශන ගිවිසුම සම්පූර්ණ කර ඇති බවත් ඇමැතිවරයා කීය.
මෙම ව්‍යාපෘති දෙකේදීම ඇතැම් කොටස් අවසන් කර ගැනීමට නොහැකි වූ ගැටලුවක් තිබෙන බවත් එම නිසා තවමත් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


