අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි
  • SocialShare:

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ පළමු දිනය අදයි. අද(08) සිට නොවැම්බර් 14 දක්වා දක්වා දින 6 ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.


2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ