සතුන්ගේ තොරුතුරු ඇතුළත් රතු දත්ත පොත වාර්ෂිකව නිකුත් කිරීමට සැලසුම් කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇනටන් ජයකොඩි මහතා පැවසීය.
අද(19) පාර්ලිමේන්තුවේදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ සුනිල් රත්නසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. රතු දත්ත පොත අවසන් වශයෙන් නිකුත් කර ඇත්තේ 2021 වර්ෂයේ දී බවත් එය කුරුල්ලන්ගේ තොරතුරු ඇතුළත් කර නිකුත් කළ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.


