වංචා දූෂණයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් කර තිබෙනවා - ඇමැති වසන්ත සමරසිංහ

වංචා දූෂණයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් කර තිබෙනවා - ඇමැති වසන්ත සමරසිංහ
  • SocialShare:

රටේ වංචා, දූෂණයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වංචාවට සහ දූෂණයට එරෙහිව ක්‍රියාත්මක කළ දැවැන්ත වැඩපිළිවෙල හේතුවෙන් වත්මන් රජයට විශාල ජනවරමක් ලැබී තිබෙන බවත් හෙතෙම පැවසීය.


අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අද උසාවි හරහා වැලිකඩ බලය අල්ලන්න ඇතැමුන් උත්සාහ කරනවා. බොරුව කලාවක් කරගෙන ඉන්නවා. මේ පනත අපි ගේන්නේ එවැනි අය වෙනුවෙන්. තමන්ගේ දේපළ, වත්කම හරියට ලියන්න. විපක්ෂය බොරු කියන්න හැදුවා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කතා කළා. පසුගිය දිනවල ඇතැමුන් සංදර්ශන පැවැත්වූවා. මේ වනවිට පරීක්ෂණ කරනවා. මේ ක්‍රියාවලිය සමඟ ගත්විට ඇතැමුන් දැන් නිවැරදි කරනවා. තමන් බොරු කියලා, සමාජය නොමඟ යවලා, ඇත්ත නොසොයා බොරුව කියා තිබෙනවා.

උතුරු මැද පළාතේ වාහන විකිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියේ විස්තර අපි සතුව තිබෙනවා. 2025 මර්තු 25 පත්තරේ දැන්වීම් දාලා තිබෙනවා. වෙන්දේසියට අදාළ වාහන සඳහා තැන්පත් කළයුතු මුදල ආදිය තිබෙනවා. මේක සමඟ වාහන විකිණීම පිළිබදව තොරතුරු තිබෙනවා. රජයේ ඇස්මේන්තුව අනුව ටෙන්ඩර් කැඳවීම කරනවා. රජයේ තක්ෂේරුව ඉහළම අගයකට ලබාදී තිබෙනවා. දයාසිරි ජයසේකර මහතාට මේ සම්බන්ධයෙන් අහන්න තිබුණා. රටේ ජනතාවට බොරු කියන එක අද විපක්ෂයේ කාර්යභාරය වී තිබෙනවා. ආණ්ඩුව විවේචනය කරන්න නොහැකිවූනාම බොරුව ගෙන යනවා. බොරු කීම සම්බන්ධයෙන් අද පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. හොරකම, දූෂණය වළක්වන්න අපි අන පනත් සකස් කර තිබෙනවා. ඒ නීති ප්‍රමාණවත් නැත්නම් තවත් නීති ගේනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.