වසරේ පළමු කාර්තුවේ ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

වසරේ පළමු කාර්තුවේ ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
  • SocialShare:

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.


අද(04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650 ක ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතිබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අද අපේ රටට ආයෝජකයෝ කොච්චර ඇවිල්ලාද කියලා. මේ කාර්තුවට විතරක් ඩොලර් මිලියන 650 ක් සෘජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා. 2023 අවුරුද්දටම ආවේ 483 යි. 2024 අවුරුද්දට ආවේ 724 යි. ඒත් අවුරුද්දටම ව්‍යාපෘති 93යි. අපේ කාර්තුවට දැන් ඇවිල්ලා තියෙනවා BOI සභාපතිතුමා අපට කියනවා, ව්‍යාපෘති 64යි. ආයෝජන ඩොලර් මිලියන 650යි.“

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.