මහජන මුදල් සඟසතු දේපළක් මෙන් ආරක්ෂා කළයුතුයි - අධිකරණ ඇමති

මහජන මුදල් සඟසතු දේපළක් මෙන් ආරක්ෂා කළයුතුයි - අධිකරණ ඇමති
  • SocialShare:

මහජන මුදල් සඟසතු දේපළක් මෙන් ආරක්ෂා කළයුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා  අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහජනතාවගේ මුදල් මහජන සුබසිද්ධිය වෙනුවෙන් මිස තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාවිච්චි  කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"දූෂණයට වංචාරවට එරෙහිව නීති යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අපිට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ අනුව යමින් අපි විසින් මේ වනවිට පනතක් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම

මෙම දූෂණ විරෝධී පනත වසරකට පෙර සම්මත කර තිබෙනවා. නමුත් ඊට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක වී නැහැ. වර්තමාන තත්ත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් අපි රෙගුලාසි ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතා සංකීර්ණ නැහැ. සරලව කරුණු දක්වන්න පුළුවන්. ඇතැම් කොටස් පැහැදිලි කර ගන්න යම් කාලයක් ගතවෙන්න පුළුවන්. අල්ලස් හෝ දූෂණ කොමිසමට අපි දැනුම් දෙන්න තීරණය කළ මේක සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කරගන්න. ඒ අයදුම්පතේ කුමක් තිබුණත් පනතේ සඳහන් වෙනවා එය නිවැරදි කර ගන්න. තමන්ගේ වත්කම් බැරකම් සඟවන්න උත්සාහ කරන අයට මෙය බලපානවා.

ඉහළ දේශපාලන අධිකාරිය කළ වංචා දූෂණ හේතුවෙන් මෙවැන්නක අවශ්‍යතාවය ඇතිව තිබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මහජන මුදල් අපි සඟසතු දේපළක් වශයෙන් ආරක්ෂා කළයුතු වෙනවා. ඒ මුදල් තමන්ගේ අවශ්‍යතා යොදා ගත් අයට මේ මඟින් පණිවුඩයක් ලබාදෙනවා. මේක කුමන රජයකට වුවද පණිවුඩයක් ලබාදෙනවා

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.