5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසී කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, එහෙත් ශිෂ්‍යත්වය විභාගයේ තිබෙන පීඩනය අඩු කිරීමට යම් යම් පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
එම වැඩසටහන් 2028/29 වර්ෂයේදී සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද අගමැතිවරිය සඳහන් කළාය. අද(04) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීනි රෝහිණී කවිරත්න අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ සඳහන් කළාය.
මනෝ සමාජීය යහ පැවැත්ම පිළිබඳව අධ්‍යාපන පද්ධතිය තුළ ගැටලු ගණනාවක් තිබෙනවා. සමාජීය පිඩනය වැඩිවීමට මෙම ගැටලු බලපාලා තිබෙනවා.මේ වෙලාවේ පාසල් පද්ධතිය තුළ ඉන්නේ අර්බුධ තුනකට මුහුණ දුන් දරුවන් කණ්ඩායමක්. එම දරුවන් පාස්කු ප්‍රහාරයනිසා බැටකෑවා.කොවිඩ් වලින් සහ ආර්ථික අර්බුදයෙන් බැටකෑවා. සුවිසේශී අර්බුද රාශියකට මුහුණදුන් මෙම දරුවන් තමයි අද පාසල් පද්ධතියේ ඉන්නේ. මේ පිළිබඳව තේරුම් ගෙන අපි එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි. මතුපිටින් කටයුතු කරලා වැඩක් නැහැ.
මනෝ උපදේශනය විතරක් නෙමෙයි. සමස්ථ පාසල් පද්ධතිය තුළම යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕන. එහිදී ගුරුවරයාට විශේෂ වගකීමක් තිබෙනවා. විද්‍යාපීඨතුළ වසර 16ක් තිස්සේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. එම තත්වය තුළ අපිට අවශ්‍ය ගුරුවරයා නිර්මාණය වන්නේ නැහැ. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා.