නවක වදය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්

නවක වදය වැළැක්වීමට  කාර්ය සාධක බලකායක්
  • SocialShare:

විශ්වවිද්‍යාල තුළ සිදුවන  නවකවදය වැළැක්වීම සඳහා  විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(04) පාර්ලිමේන්තුවේදී  සඳහන් කළාය.

පොලීසිය, ශිෂ්‍ය නියෝජිතයින් සහ සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ කාර්ය  සාධක බලකාය පිහිටුවා ඇතැයිද අගමැතිවරිය සඳහන් කළාය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ සමානත්මතාවය  සම්බන්ධ කේන්ද්‍රය විසින් මේ සඳහා විශේෂ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, දැනටත් නවක වදය සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දී ඇති බවත්, ඉදිරියේදි එය පැය 24 පුරාම පවත්වාගෙන යාමට යෝජනා කර ඇතැයිද අගමැතිවරිය පැවසුවාය.

ඒ අනුව සියලු විශ්ව විද්‍යාලවල මෙම නවකවද විරෝධී කාර්ය සාධක බලකායන් පිහිටුවා , කිසියම් නවක වද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේදී එම නවක වද විරෝධී කාර්ය සාධක බලකාය විසින්  අදාළ නිලධාරිනට දැනුම්දෙන යාන්ත්‍රණයක් ගොඩනගා ඇතැයිද සඳහන් කළාය.

මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති රැස්වීමේදී විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයිද අගමැතිවරිය සඳහන් කළාය. ඊට වින්දිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍ය සහය, සහ චූදියන්ට පුනරුත්ථාපන වැඩසටහන් ආදීය ලබාදීමට  මෙම වැඩසටහන ඔස්සේ කටයුතු කරනු ලැබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.