විදුලිබිල වැඩි කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ මස අගදී මහජන උපයෝගිතා කොමිසම මේ සම්බන්ධයෙන් තීරණය ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,
අපිටත් ඕන අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමයි අපේ අරමුණ. අපි රුපියල් 37ට සෝලා අරගෙන තමයි රුපියල් 06 ඉඳන් රුපියල් 13 වෙනකල් යුනිට් එකක් කර්මාන්තවලට ලබා දෙන්නේ. ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත්පැත්තට කෑ ගහනවා. එක පැත්තක අඩු කරනවා කියනවා. ගන්න මිල අඩුකරලා තමා දෙන මිලත් අඩු කරන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. IMF කීමට අපි විදුලිබිල වැඩි කරලා නැහැ. අපි එහෙම තීරණයක් අරගෙන නැහැ.
ලංකා විදුලිබල මණ්ඩලය තමන්ගේ ගණනයන් තාම බාර දී නැහැ. මේ මාසේ අග වෙනකොට තමයි මහජන උපයෝගිතා කොමිසම එම තීරණය ගන්නේ. ඉදිරි මාස හය බලද්දි වෙට් සීසන් එකක් තමයි තිබෙන්නේ.විදුලිබිල වැඩි කිරීමකට නොයා ඉන්න අපි උත්සාහගන්නවා.