අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
  • SocialShare:

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (30) සිය සහතිකය සටහන් සටහන් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2025.04.08 දින පැවැත්වුණු , කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.