බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය අද
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව  9.30ට  රැස් වෙයි.

– පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා මාර්තු 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

Pr

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.