සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයකර රෝගීන්ගේ රෝග ඉතිහාසය දැනගැනීම සඳහා සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛදය නිහාල් අබේසිංහ මහතා පැවසීය.
අද(06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
2025 අයවැය සුවිසේශී අයවැයක් බවත්, මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ අතීතයේ පැවති පෞඩත්වය යළි ප්‍රතිශ්ඨාපනය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
1978 පැවති ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමුළුවක් රුසියාවේ අල්මාටා නගරයේ පැවැත් වුණා. මෙම සමුළුවේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සැපයීම සම්බන්ධයෙන් බොහෝ රටවල් උදාහරණ වශයෙන් ගත්තේ ශ්‍රී ලංකාව.
සෞඛ්‍ය සේවාවේ තිබූ ගුණාත්මක භාවය නිසා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ දර්ශක උඩට ගෙනත් තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් අනෙක් රටවල් අපව ආදර්ශයට ගෙන තිබෙනවා.
අද වන විට බෝ වෙන රෝග ගණනාවක් පාලනය කර ගැනීමට සහ තුරන් කිරීමට අපට හැකි වී තිබෙනවා.
අපි වසර ගණනක් තිස්සේ මෙරට ගොඩ නැගූ සෞඛ්‍ය සේවය මෑත අවුරුදු 20/25 කාලය තුල විනාශ වීමට පටන් ගෙන තිබෙනවා.
මෙය නිවැරදි කරන්න තමයි, සෞඛ්‍යට වැඩි බරක් තියලා මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ.