තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා පැවසීය. අද(06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
නුවර එළිය, කොළඹ, ගාල්ල, නුවර වැනි තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන බවට පත් කරන බවද කීය. නව තැපැල් කාර්යාල 14 ඉදි කරන බවද අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙවර අයවැයෙන් තැපැල් ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන 23.9ක් වෙන් කර තිබෙනවා. තැපැල් දෙපාරේතමේන්තුවේ වාහන නවීකරණය කළ යුතුයි. එය අත්‍යාවශ්‍යයි. තැපෑල නවීකරණය කර ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා. සංචාරක ආකර්ෂණය දිනා ගත් තැපැල් කාර්යාල දියුණු කරනවා.