ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර හෙට ඇරඹේ

 ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර හෙට ඇරඹේ
  • SocialShare:

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර හෙට ඇරඹේ.

ඔට්ටි සුඩාන් උළු කර්මාන්ත ශාලාවේ පළමු අදියර හෙට (07)ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා  පැවසීය.

මන්ත්‍රී අමිර්තනාදන් අඩෛක්කලනාදන්  මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම උළුකර්මාන්තශාලාව 1990   වර්ෂයේ සිට අත් හැරදමා තිබේ. පසුගිය කාලපරිච්චේදය තුළ මෙරට බොහෝ කර්මාන්තශාලා බිඳවැටී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය නැවත ආරම් කිරීමට සියලු කටයුතු සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.