ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී
  • SocialShare:

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද( 06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය වසර 02ක් තිස්සේ පැවැත් වීමට නොහැකි වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම වසරේදී නැවත පවත්වන බවද අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලේක්හවුස්,රූපවාහිනී, ගුවන්විදුලිය සහ රජයේ මුද්‍රණාලය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5.2ක් වෙන් කර තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීම සඳහා වන වරලත් ආයතනයක් (Chartered Institute) අපි පිහිටුවනවා. මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. මාධ්‍යවේදීන් සඳහා වසරක්තුළ ශිෂ්‍යත්ව 100ක් ලබා දීමට කටයුතු කරනවා.ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාසල් දරුවන්  දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු සකස් කර තිබෙනවා.

 රජයේ මුද්‍රණාලය වෙනුවෙන් අලුත් යන්ත්‍ර මිලදී ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කළා.රූපවාහිනිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කාලයක් තිස්සේ පස්සට යන ව්‍යාපෘතියක්.ජපන් ණය මුදලක් යටතේ වසර 11ක් 12ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට සැළසුම් කරනවා. ඩිජිටල් අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කරනවා.


දේශපාලනීකරණය වී තිබූ රාජ්‍ය මාධ්‍ය ආයතනය ඉහලට එසවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හරයාත්මක භාවය නැති කර ඇතැයිද, ඉදිරිියේදි එම ආයතනය රටට පදනම සකසන තැනැක් බවට පත්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.