සේවා අපනයනකරුවන්ට කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැතැයි, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(04) පාර්ලිමේන්තවේදී අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත්ප්ේමදාස මහතා යොමු කළ වාචික ප්‍ශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 බදුවලින් නිදහස්වන අතර, දෙවන 83,000ට 6%ක් ද, ඉතුරු ශේෂයටම 15% ක් පමණක් ගෙවීමට සිදු වන බවද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
”ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක්. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල්වලට මුවාවෙලා සමහර විට බදු ගෙවන්න ඕනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ. සාධාරණ බවේ මූලධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයත් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ.