මෑත ඉතිහාසයේ වැඩිම, අවම වැටුප් වැඩිවීම ලබා දුන්නේ ජාතික ජන බලවේග රජය බවත්, වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක් මේ රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාඅද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ රැකියාවලට 30,000ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය. පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබූ රුපියල් 17,500ක අවම වැටුප එළඹෙන අප්‍රේල් මාසයේ සිට රුපියල් 27,000ක් වන බවත් , ලබන ජනවාරි මාසයේ ලබා දෙන රුපියල් තුන්දහස සමඟ එය රුපියල් 30,000 දක්වා ඉහළ යන බවද කීය. වතු ක්ෂේත්‍රයේට රුපියල් 1350ක අවම වැටුපක් ඇති බවත්, ඔවුන්ට සහන ලබා දීම සම්බන්ධයෙන්ද වතු ක්ෂේත්‍රය සමග සාකච්ඡා සිදු කරමින් යන බව අමාත්‍යවරයා කීය. මෙතෙක් රාජ්‍ය සේවයේ තිබූ වැටුප් වැඩිවීමේ ගැටලුව රජය හදුනාගෙන ඇති බවත් ඒ අනුව කටයුතු කරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා , ජාතික ජන බල වේගය නියෝජනය කරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව. සාමාන්‍ය පොලිස් නිලධාරින්ගේ වැටුප් අපි වැඩි කර තිබෙනවා. මෙම අයවැයෙන් සමස්ථ වැටුප් වැඩිවීමට රුපියල් බිලියන 325ක් වෙන් කර තිබෙනවා. විශ්‍රාමිකයින්ගේ වැටුප් සඳහා බිලියන 40ට ආසන්න සංඛ්‍යාවක් වෙන් කර ඇතැයිද පැවසීය.