ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවර අයවැයෙන් දීමනා කප්පාදු වන නිසා මාර්තු 05 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වෘත්තීය සමිති අරගලයක් නොමැතිව පවා මෙම රජය සමස්ථ වෛද්‍යවරුන් වෙනුවෙන් දැනෙන වැටුප් වැඩිවීමක් සිදු කරඇතැයිද අමාත්‍යවරයා කීය.ඒ අනුව මූලික වැටුප, නිවාඩු දින දීමනා, අමතර රාජකාරි දීමනා සහ බදු සහන මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් වෙනුවෙන් ලබා දී ඇතැයිද කීය.මීට අමතරව දැනට තිබෙන රුපියල් 1630 වැටුප් වර්ධකය රුපියල් 1940 දක්වා වැඩි වන බවත් දැනට තිබෙන 2170 වැටුප්වර්ධකය රුපියල් 3900 දක්වා වැඩිවන බවද කීය. 6 වනදා පැවැත්වෙන සෞඛ්‍ය අමාතයංශයේ වැය ශීර්ෂය තිබෙන මොහොතක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙවැනි අසාධාරණ වෘත්තිය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයිද ඉල්ලා සිටියේය.
පසුගිය පෙබරවාරි 17 ජනපතිවරයා අයවැය ඉදිරිපත් කළ පසු දින දෙකකට පසු පෙබරවාරි 06 උද්ඝෝෂණයක නිරත වන බව එක්තරා හෙද සංගමයක සභාපතිවරෙයක් ප්‍රකාශ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
වෛද්‍යවරු පසුගිය ආර්ථික අර්බුදය සමයේ විවිධ අපහසුතා විධගනිමින් තම සේවාව ඉටු කර ගත් බවත්, මේ හේතුවෙන් පැවති මහජන අරගලයේදී අද පවතින දේශපාලන වෙනස උදා කර ගන්නට වෛද්‍ය වෘත්තිකයින් සහයෝගය ලබා දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
රාජ්‍ය සේවාවට ඇතුළත් වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,290 යි. රුපියල් 240,000 ක පමණ මුදලක් ලැබෙනවා. රුපියල් 54,290 මූලික වැටුප රුපියල් 94,150 දක්වා වැඩි කරනවා. රුපියල් 39,860 කින් මූලික වැටුප් වැඩි වීමක් සිදු කරනවා. එහි පළමු අදියර යටතේ අප්‍රේල් මාසයේදී රුපියල් 15,582 වැටුප් වැඩි වීමක් වෙනවා. දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ මූලික වැටුප වූයේ රුපියල් 58,305 යි. එය රුපියල් 101,370 ක් දක්වා වැඩි කරනවා. රුපියල් 43,065 කින් මූලික වැටුප වැඩිවෙනවා. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 71,805 යි. එය රුපියල් 125,670 ක් දක්වා වැඩි වෙනවා. රුපියල් 53,865 කින් වැඩි වෙනවා. ආධුනික විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 88,000 යි. එය රුපියල් 156,000 ක් දක්වා වැඩි වෙනවා. රුපියල් 68,000 ක මූලික වැටුප් වැඩි වීමක් එහිදී සිදු වෙනවා. එළැඹෙන අප්‍රේල් මාසයේ පටන් ගෙන මාස 20 ක් ඇතුළතදී මේ වැඩි වීම් සිදු වෙනවා. මේ ඉලක්කම් නොකියා සිටීම මත බහුතරයක් වෛද්‍යවරුන් නොමඟ යැවීමට ඇතැමුන් උත්සාහ කරනවා.
වෛද්‍යවරුන්ගේ ග්‍රේඩ් වන් ප්‍රිලිමිනරි රුපියල් 56,960 ක් වන මූලික වැටුප රුපියල් 98,950 ක් දක්වා වැඩි වෙනවා. රුපියල් 41,990 ක වැඩි වීමක් එය. එම්.ඕ. ග්‍රේඩ් ටූ මූලික වැටුප රුපියල් 63,685 යි. එය රුපියල් 111,050 ක් දක්වා වැඩි කරනවා. එය රුපියල් 47,365 ක් වැඩි වීමක්. එම්.ඕ. ග්‍රේඩ් ටූ රුපියල් 69,635 ක් වන මූලික වැටුප රුපියල් 121,770 ක් දක්වා රුපියල් 52,135 කින් වැඩි වෙනවා. එම්.ඕ. ග්‍රේඩ් වන් රුපියල් 80,485 ක මූලික වැටුප රුපියල් 141,270 ක් දක්වා රුපියල් 60,785 කින් වැඩි වෙනවා. එම්.ඕ. ග්‍රේඩ් වන් රුපියල් 86,695 ක් වන මූලික වැටුප රුපියල් 152,970 ක් දක්වා රුපියල් 65,973 කින් වැඩි වෙනවා. එම්.ඕ. ග්‍රේඩ් වන් රුපියල් 93,505 ක් වන මූලික වැටුප රුපියල් 164,670 ක් ලෙස රුපියල් 71,165 කින් වැඩි වෙනවා. එම්.ඕ. ග්‍රේඩ් වන් රුපියල් 100,015 ක් වන මූලික වැටුප රුපියල් 176,370 ක් ලෙස රුපියල් 76,355 කින් වැඩි වෙනවා. එම්.ඕ. ග්‍රේඩ් වන් රුපියල් 104,315 ක් වන මූලික වැටුප රුපියල් 184,170 ක් ලෙස රුපියල් 79,815 කින් වැඩි වෙනවා.
අමතර රාජකාරී දීමනාව අඩු කරලා කියනවා. සාමාන්‍ය වෛද්‍යවරයකුගේ අමතර රාජකාරී දීමනාව දැන් රුපියල් 687 යි. එය රුපියල් 765 ක් කරනවා. දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ රුපියල් 796 ක් වන අමතර රාජකාරී දීමනාව රුපියල් 925 ක් දක්වා වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ රුපියල් 1101 ක අමතර රාජකාරී දීමනාව රුපියල් 1307 දක්වා වැඩි වෙනවා. ආධුනික විශේෂඥ වෛද්‍යවරයකුගේ රුපියල් 1302 ක් වන අමතර රාජකාරී දීමනාව රුපියල් 1542 ක් දක්වා වැඩි වෙනවා. නිවාඩු දින දීමනාවත් අපි වැඩි කර තිබෙනවා. සාමාන්‍ය වෛද්‍යවරයකුගේ රුපියල් 2714.50 වන නිවාඩු දින දීමනාව රුපියල් 3138 දක්වා වැඩිවෙනවා. රුපියල් 423.50 කින් වැඩි වෙනවා. දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ රුපියල් 2915 ක් වන නිවාඩු දින දීමනාව රුපියල් 3379 ක් දක්වා වැඩි වෙනවා. ග්‍රේඩ් වන් වල එම්.ඕ. කෙනෙකුට දැන් තිබෙන නිවාඩු දින දීමනාව රුපියල් 3590 යි. එය 4189 ක් දක්වා වැඩිවෙනවා. ආධුනික විශේෂඥ වෛද්‍යවරයකුගේ නිවාඩු දින දීමනාව රුපියල් 4400 යි. එය රුපියල් 5200 ක් දක්වා වැඩිවෙනවා. රුපියල් 800 කින් වැඩි වෙනවා. නිවාඩු දීමනාව මාර්තු මාසයේ ප්‍රමාණයට වඩා අප්‍රේල් මාසයේ දී වැඩිවෙනවා. වාර්ෂික වැටුප් වර්ධකය වැඩිවීමත් සිදු වෙනවා. වෛද්‍යවරුන්ගේ රුපියල් 1335 ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 2400 දක්වා වැඩි වෙනවා. 1340 වැටුප් වර්ධකය රුපියල් 2420 දක්වා වැඩිවෙනවා. 1630 වැටුප් වර්ධකය රුපියල් 2940 දක්වා වැඩි වෙනවා. රුපියල් 2170 වැටුප් වර්ධකය රුපියල් 3900 දක්වා වැඩි වෙනවා. දළ වශයෙන් ගණන් බැලූ විට විශාල මුදලක් වැඩි වෙනවා.
ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ රුපියල් 54,290 ක මූලික වැටුපක් ඇති වෛද්‍යවරයෙකුගේ රුපියල් 240,173 ක් වූ සම්පූර්ණ වැටුප අප්‍රේල් මාසයේදී රුපියල් 258,887 ක් වෙනවා. 2027 ජනවාරි වන විට එය රුපියල් 283,165 ක් වෙනවා. රුපියල් 257,870 ක පූර්ණ වැටුපක් ගත්තා නම් එය දළ වශයෙන් රුපියල් 310,307 තෙක් වැඩි වෙනවා. දැන් කවුරු හරි රුපියල් 309,995 ක පූර්ණ වැටුපක් ගත්තා නම් එය රුපියල් 382,877 ක් දක්වා වැඩි වෙනවා. රුපියල් 350,740 ක පූර්ණ වැටුපක් ගත් කෙනාට එය රුපියල් 444,400 දක්වා වැඩි වෙනවා. උපයන විට බද්ද අපේ ආණ්ඩුවෙන් වෙනස් කළා. ඒ අනුව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එක හමාර දක්වා වැටුපක් ගත් අය රුපියල් 35,000 ක් 40,000 ක් බදු ගෙව්වා. දැන් ඔවුන්ට සියයය 100 ක බදු නිදහස තිබෙනවා. රුපියල් ලක්ෂ 2 දක්වා වැටුප් ගත් අයට සියයට 72 ක බදු නිදහසක් තිබෙනවා. රුපියල් 250,000 ක් දක්වා වැටුප් ගත් අයට සියයට 62 ක බදු නිදහස තිබෙනවා. රුපියල් 300,000 ක වැටුපක් ගත් කෙනාට සියයට 47 ක බදු නිදහසක් තිබෙනවා. මේ අනුව දැනෙන වැටුප් වැඩි වීමක් ලබා දී තිබෙනවා.