පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වෙයි.
පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. ප.ව 5.00 - ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර ඇත.