ජනාධිපති අරමුදල පනතට අනුවම පමණයි. කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ - අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කියයි

ජනාධිපති අරමුදල පනතට අනුවම පමණයි. කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ - අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කියයි
  • SocialShare:

ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කරමින් අරමුදල වෙත අයදුම් කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අවස්ථාව ලබා දීමට රජය අදහස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රාකාශ කළා ය.

ඒ අනුව දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ම ආවරණය වන පරිදි ජනාධිපති අරමුදලේ අයදුම්පත් භාර ගැනීමේ සේවා පුළුල් කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මඟින් සේවාලාභීන්ට ගෙවීම් කටයුතු සිදුකිරීම, එම විශයන්ට අදාළව කටයුතු කරන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම යන කාරණා සම්බන්ධව ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

එමෙන්ම ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කිරීමේ සහ අයදුම් කිරීමේ පහසුව වෙනුවෙන් මේ සියලු කටයුතු සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වා දෙනු ලබන අතර එම පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අරමුදල සඳහා ජනතාවට අයදුම් කිරීමේ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.

මින් පෙර සිදුකරන ලද ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම් සම්බන්ධව තොරතුරු සොයා බලා රටට හෙළිකරන බවත් නැවත කිසිසේත්ම එවන් අවභාවිතාවයන් සිදුවීමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.