පාර්ලිමේන්තුව හෙට(20) සිට ලබන 23 වැනි දා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට(20) සිට ලබන 23 වැනි දා දක්වා  රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව හෙට(20) සිට ලබන 23 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව හෙට(20) පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව . ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

මැයි 21 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

මැයි 22 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8වැනි වගන්තිය යටතේ යෝජනා සම්මත දහයක් විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව . ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

මැයි 23 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පවැත්වීමට නියමිතය. තවද 2025.05.08 දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විදේශීය ණය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළහොත් එයද දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව වැඩිදුරටත් තීරණය කරන ලදී. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.