පාර්ලිමේන්තුව අද(01) රැස් වෙයි

පාර්ලිමේන්තුව අද(01) රැස් වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද(01) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතය..

රටතුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පසුගිය 28වනදා  පාර්ලිමේන්තු රැස්වීම මිනිත්තු 30 කට සීමා වූ අතර අයවැය විවාදයද නොපැවැත්විය ඒ අනුව අද(01) සහ හෙට(02)  රාත්‍රී 12.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමට පසුගිය (27) පැවති පාර්ලිමේන්තු කාරක සභාවේදී තීරණය වී තිබේ.

අද  පෙ.ව 9.30 සිට පාර්ලි‍මේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 6.00 දක්වා  වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන  අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.  අනතුරුව ප.ව 6.00 සිට රාත්‍රී 12.00 දක්වා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.