අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මර්ස් ශ්වසන වයිරසයෙන් 102ක් මරණයට

    මැයි 01, 2014

    මර්ස් (MERS) යනුවෙන් හඳුන්වනු ලබන ශ්වසන වයිරස් රෝගය මේ වනවිට මැදපෙරදිග රටවල සීග්‍රයෙන් පැතිරී යමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.


    මැද පෙරදිග, මර්ස් Middle East respiratory syndrome (MERS) වයිරස් රෝගයට ගොදුරුවූවන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙසින් පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත.  සවුදි අරාබියේ පමණක් ගෙවුණු සතියේ රෝගීන් 26ක් වාර්තා වූ අතර ඉන් 10 දෙනෙකුම මරණයට ත් ව තිබේ. මේ වනවිට මැද පෙරදිග රටවල රෝගීන් 339 දෙනෙකුගෙන් 102දෙනෙකු මරණයට පත් ව තිබේ.


    ඔටුවන්ගෙන් බෝවන බව පවසන මේ මාරාන්තික රෝගය නිසා සෞදි අරාබියේ දස දෙනකු මිය ගොස් ඇති බව ඉකුත් සති අන්තයේ වාර්තා විය.


    රෝගයෙන් ආරක්ෂාවීමට මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිත කරන ලෙස සවුදි අරාබිය දැනුම් දී ඇති අතර ජෙඩා අගනුවර රෝහල් කාර්යමණ්ඩලවල අයටද මාර්ස් රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ.


    මර්ස් වයිරසය වැළඳීමෙන් සාර්ස් (SARS) වයිරසයට සමාන ගණයේ රෝග තත්ත්වයන් ඇති කරයි.‍ 2002 - 2003 කාලයේ චීනයේ සිය ගණනක් සාර්ස් වයිරසය නිසා මරණයට පත් විය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya