අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් තුළ ක්‍රීඩාව අනිවාර්යය කෙරේ

    අප්‍රේල් 30, 2014
    සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩා විෂය අනිවාර්යය කරමින් පාසල් දරු දැරියන් ක්‍රීඩාවට යොමුකිරීමේ ජාතික වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කොට ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කෙරේ.
     
    පළාත් ක්‍රීඩා අමාත්‍යංශ යටතේ මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ හමුවක් පසුගිය දින ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    ඉදිරියේ දී පාසල් තුළ ක්‍රීඩාව නඟාසිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya