අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්තයේ අවුරුදු සැමරේ

    අප්‍රේල් 29, 2014
    නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා‍‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින නෙදර්ලන්තයේ ඩෙන්හාග් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
     
    මෙහිදී සිංහල අවුරුදු ක්‍රීඩා රැසක් ‍සංවිධානය කර තිබුණු අතර ශ්‍රී ලාංකීයයන් විශාල පිරිසක් ඉතා උද්යෝගීමත් අන්දමින් ඒ සඳහා සහභාගී වූහ. 
     
    ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන් විදහා දක්වන නැටුම් අංගයන්ගෙන් සහ බෙර වාදනයන්ගෙන් ද බක්මහ උළෙල තවත් වර්ණවත් කෙරිණි.
     
    මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකික සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙසේ අත්වැල් බැඳගනිමින් එකාමෙන් එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් එය තමන් ඉතා ‍‍ගෞරවයෙන් අගය කරන බවත් ය. 
     
    මෙම අවුරුදු උත්සවය ජාතික සමගිය මැනවින් විදහා දක්වන සැබෑම අවුරුදු උත්සවයක් බවත් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවට මෙය ඉතාම ආදර්ශමත් ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙසේ හමුවිමට ලැබිම සහ ඔවුන් සමග සුහද ව කාතාබහ කිරීමට ලැබීම පිළිබඳ ව ඉතා සතුටුවන බව ද නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතාවුද මහතා ලබා දුන් එම අවස්ථාව ඉතාමත් අගය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    මෙම අවස්ථාවට සුජාතා සේනාරත්න මහත්මිය සහ විදේශීය තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    P1040539
     
     
     
    P1040522
     
     
     
     
    P1040508
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya