අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියාවට සම්බාධක පනවයි ද?

    අප්‍රේල් 27, 2014

    රුසියාවට සම්බාධක පැනවීමට වහා ක්‍රියාමාර්ග ගැනීමට G7 කණ්ඩායමේ රටවල නායකයන් එකඟතාවකට පැමිණ ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.


    බටහිර ජාතීන් යුක්රේනයේ පාලනය අල්ලාගැනීමට උත්සාහ කරන බවට රුසියාව චෝදනා කරන අතර නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන්ගේ උත්සාහයන්ට රුසියාවේ සහයයෝගය ලබා දෙන්නේ යැයි බටහිර රටවල් රුසියාවට චෝදනා කරයි.


    මේ දෙපාර්ශයව මෙසේ චෝදනා එල්ල කරගන්නා අතරේ රුසියාව තම රට ආක්‍රමණය කරතැයි යුක්රේන රජය දැඩි සැකයකින් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.


    G7 කණ්ඩායමේ රටවල නායකයින් සාකච්ඡාවලින් පසු ව පවසා ඇත්තේ රුසියාවට වෙළෙඳ, ආර්ථික, මූල්‍යමය වශයෙන් පමණක් නො ව වෙනත් ආකාරවලින් ද සම්බාධක පැනවීමට පියවර ගන්නා බවත් ඒවා මොනවාද යන්න හෙට (28) ප්‍රකාශයට පත් වනු ඇති බවත්ය.


    බි‍්‍රතාන්‍ය, එක්සත් ජනපදය, ඉතාලිය, කැනඩාව, ජර්මනිය, ප‍්‍රංශය හා ජපානය යන රටවල්  ජී-7 කණ්ඩායමේ සාමාජිකත්වය දරති.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya