අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාල ආරක්ෂාවට චීන - ශී‍්‍ර ලංකා ගිවිසුමක්

    ඔක්තෝබර් 15, 2014

    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අන්තර්ජාල ආරක්‍ෂාව පිළිබඳ ව අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේදී ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. 


    මෙම ගිවිසුමට අනුව අන්තර්ජාල ආරක්‍ෂාව සම්බන්ධයෙන් දෙරට අන්‍යෝන්‍ය විශ්වාසයකින් හා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසෙන අතර අන්තර්ජාල නව දැනුම මෙන් ම අත්දැකීම් දෙරට අතර හුවමාරු කර ගැනීම හා එල්ල විය හැකි හදිසි සයිබර් ප‍්‍රහාරයන් පිළිබඳව දැනුවත් වීම අන්තර්ජල ආරක්‍ෂාව පිළිබඳ විශේෂඥ දැනුම සහිත පිරිස් දෙරට අතර හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    චීන පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හුවාං චෙන් කිං ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ නීති උපදේශක ජයන්ත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ සභාපති අර්ල් ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya