මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘හුඩ් හුඩ්‘‘ සුළි කුණාටු ඉන්දියාවේ පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට

    ඔක්තෝබර් 15, 2014
    ඉන්දියාවේ අන්ද්‍රා සහ ඔරිස්සා ප්‍රාන්තවලට බලපා ඇති ‘‘හුඩ් හුඩ්‘‘ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර ඇත.
     
    මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 04කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව එම වාර්තා පවසයි.
     
    අන්ද්‍රා සහ ඔරිස්සා ප්‍රාන්ත දෙකෙහි ම නිවාසවලට දැඩි අලාභහානි සිදු ව ඇති අතර විදුලි සැපයුම් ද බිඳ වැටී ඇත. ගස් කඩා වැටීම හා කඳු නාය යාම හේතුවෙන් මාර්ග අවහිර වීමෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.
     
    මේ වන විට සුළි කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට ගුවනින් සහන සැලසීම සඳහා සහන සේවකයන් යොදවා ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya