මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනාධිපතිවරයා හමු වෙයි

    ඔක්තෝබර් 15, 2014
    චීන -රුසියා සබඳතා ඉහළ නැංවීමට එක්වන්නැයි චීන අග්‍රාමාත්‍ය li ke qiang මහතා රුසියාවෙන් ඉල්ලා සිටී.
     
    චීන අග්‍රාමාත්‍ය li ke qiang මහතා ඊයේ (14) මොස්කව්හීදී රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.
     
    චීන ජනාධිපති ෂී ජිංපිං මහතා විසින් වැලැඩ්මීර් පුටින් මහතා වෙත පළ කළ සුබපැතුම් ද  li ke qiang මහතා එම අවස්ථාවේ දී පිරිනමන ලදී. චීන - රුසියා හවුල්කාරී සබඳතාව අඛණ්ඩ ව ඉදිරියට මෙහෙය විය යුතු බව ද  li ke qiang මහතා එහිදී පැවසීය. එමෙන් ම දෙපාර්ශවය එක්ව වෙළෙඳ හා ආයෝජන පරිමාව තවදුරටත් ඉහළ නැංවීමත් බලශක්ති, මූල්‍ය හා අධිවේගී දුම්රිය යනාදී ක්ෂේත්‍ර හි ද්විපාර්ශවික සබඳතා ප්‍රවර්ධනයටත් එක් වන ලෙස හෙතෙම එම හමුවේදී පැවසීය. 
     
    දෙරට ගෝලීය සාමය හා ස්ථාවරත්වය මෙන් ම කලාපීය සමෘද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ද li ke qiang මහතා පුටින් මහතා හමුවේ පැවසීය.
     
    නිමාවට පත් වූ  චීන- රුසියා අග්‍රාමාත්‍යවරුන්ගේ හමුවේදී දෙරටට වැදගත් ලියකියවිලි රැසකට අත්සන් තැබූ බව මෙම හමුවේදී රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් සිහිපත් කළේය. එමෙන් ම මෙවර li ke qiang මහතාගේ රුසියානු සංචාරය මඟින් ද්විපාර්ශවික සබඳතාවන් හි නව ප්‍රතිඵල රැසක් අත්පත් කර ගක හැකි බව ද ඔහු පැවසීය.
     

    ECB/shiyue (බීජිං නුවර සිට)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya