අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේදී අද ඇරඹෙන ගාඩෙක්ස් 2014 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක්

    ඔක්තෝබර් 15, 2014
    ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය අද (15) ජපානයේ ටෝකියෝ නුවරදී ඇරඹෙන ගාඩෙක්ස් 2014 ජාත්‍යන්තර ගෙවතු ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක් සංවිධානය කර ඇත. මෙම ප්‍රදර්ශනය අද (15) සිට සිකුරාදා (17) දින දක්වා පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදන හා කොළ, අතු හා රෝපිත පැළ අපනයන ආයතන 08ක් එහිදී සිය නිෂ්පාදන හා අපනයන ප්‍රදර්ශනය කරයි.
     
    පොල්, කොහු කෙඳි, කොහු බත්, පොල් කටුවලින් නිමවූ පොල් ආශ්‍රිත ගෙවතු නිෂ්පාදන හා විවිධ විසිතුරු කොළ අතු හා බදුන්ගත ශාක එම කුටියේ ප්‍රදර්ශනය කරනු ලබයි.
     
    පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ගමනාන්තයක් ලෙස ජපානය යුරෝපීය රටවලට වැඩි තැනක් ලබා ගෙන ඇත. 
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගාඩෙක්ස් 2014 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක් සංවිධානය කිරීමට මූලික පරමාර්ථය වී ඇත්තේ පොල් අපනයන නිෂ්පාදන, කැපුම් කොළ හා අතු හා බදුන්ගත ශාක සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කරගැනීමයි.
     
    ගෙවතු වගා ආම්පන්න, මල් වගාව හා ගෙවතු වගා යෙදවුම් වැනි ගෙවතු වගා කර්මාන්තය ආශ්‍රිත ප්‍රදර්ශනයක් ලෙස මෙම ගාඩෙක්ස් ජාත්‍යන්තර ප්‍රදර්ශනය හැඳින්විය හැක.
     
    කොරියාව, චීනය වැනි අනෙකුත් ආසියාතික රටවල් අතර ද ජනප්‍රිය මෙම ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාවට සිය අපනයන වෙළෙඳපොළ සහභාගීවූවන්ට හඳුන්වා දීමට හා ව්‍යාපාර සම්බන්ධතා ගොඩනගා ගැනීමට කදිම තෝතැන්නක් වනු නිසැකයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya