මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිගේ ඇගයීමට

    ඔක්තෝබර් 14, 2014
    ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුසිලය මඟින්  සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා වර්ණ ප්‍රදානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්මලාන ගුවන් හමුදා ඊගල්ස් ලේක්සයිට් උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
     
    මෙම සම්මාන උළෙලේදී  2012 වසරේ අති දක්ෂ ක්‍රීඩකයා ලෙස වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගැනීමට ගුවන් හමුදා හොකී  ක්‍රීඩක කෝප්‍රල් සී.එම්.ටී.ඩී. රත්නසිරි සමත් වූ අතර, බොක්සිං ක්‍රීඩක කෝප්‍රල් එම්.වයි.එම්. දිල්ශාන් 2013 වසරේ අති දක්ෂ ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා වර්ථරාසා ශූරතා කුසලානය හිමිකර ගන්නා ලදී. 
     
    2012 වසරේ අතිදක්ෂ ක්‍රීඩිකාව ලෙස ෆලයිට් ලෙෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනීමට නෙට්බෝල් ක්‍රීඩිකා කාන්තා කැඩට් නිලධාරිනී සී.එස්.ඩබ්. ජයසූරිය සමත්වූ අතර 2013 වසරේ අතිදක්ෂ ක්‍රීඩිකාව ලෙස ෆලයිට් ලෙෆ්ටිනන් අබේවීර ගුණවර්ධන ශූරතා කුසලානය හිමිකර ගැනීමට  ගුවන් හමුදා ටේබල් ටෙනිස් ක්‍රීඩිකා, නායක ගුවන් කාන්තා එම්.බී.අයි.එම්.  දර්ශිකා සමත් විය.
     
    මෙම වසර තුළ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික  හා ජාත්‍යන්තර  ක්‍රීඩා තරගවලින්  ලද ජයග්‍රහණ සැලකිල්ලට ගනිමින් මෙම වර්ණ හා ශූරතා කුසලාන පිරිනැමූ අතර මෙම වර්ණ රාත්‍රියේදී  2012 වසරේ ක්‍රීඩකයාට හිමි අනුශූරතා කුසලානය වන එයාර් චීප් මාර්ෂල් ඩබ්.ඩී.එච්.එස්.ඩබ්. ගුණතිලක කුසලානය ගුවන් හමුදා බීච් වොලිබෝල් ක්‍රීඩක සැරයන් එම්.සී.ඒ.පී. කුමාර විසින් හිමි කරගත් අතර 2013 වසරේ ක්‍රීඩකයාට හිමි එයාර් චීප් මාර්ෂල් ඩබ්.ඩී.එච්.එස්.ඩබ්. ගුණතිලක අනුශූරතා කුසලානය ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩක ජේ.එස්.කේ. වික්‍රමගේ විසින් හිමිකර ගන්නා ලදී.
     
    ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය 2012 වසරේ ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාව වන ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය වොලිබොල් ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා ජේ.එච්.ඩී. ප්‍රසාදිනී හිමිකරගත් අතර 2013 වසරේ ක්‍රීඩිකාවන්ගේ අනුශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල් කුසලානය ගුවන් හමුදා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා ජී.ජී.යූ.එල්. රූපරත්න විසින් හිමි කර ගන්නා ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා එම මහත්මිය රොෂාණි ගුණතික, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් අධක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya