මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොදර්හැම් සර්කිට් මීට් - 2014

    ඔක්තෝබර් 14, 2014

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එක්ව අටවන වරටත් සංවිධානය කරනු ලැබු රොදර්හැම් සර්කිට් මීට් - 2014 මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී පසුගියදා පැවත්විණ.


    මෙම තරගාවලිය ප්‍රවේගකාරි මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව් 19ක් සහිතව වේග සීමාවන් රහිත උද්වේගකාරි තරග අවස්ථාවන්ගෙන් සමන්විත විය.


    මෙම තරගාවලියේ දක්ෂත ම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය පසිඳු පීරිස් විසින් හිමිකරගත් අතර, දක්ෂත ම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානය මධුරංග කල්දේරා විසින් හිමිකර ගන්නා ලදී.


    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක, ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් විජේමාන්න ඇතුළු ගුවන් හමුදාවේ නිලධාරීන් මෙන් ම සෙසු නිලයන් හා මෝටර් රථ ධාවන තරග නැරඹීමට පැමිණි විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya