මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරයක

    ඔක්තෝබර් 15, 2014
    ඉතාලිය සමඟ ගැඹුරු උපක්‍රමීය සහයෝගිතා ගොඩනැංවීමට චීනය සූදානම් බව ඉතාලියේ සංචාරයක නිරත චීන අග්‍රාමාත්‍ය Li ke qiang මහතා ඊයේ (14) පැවසීය.
     
    Li ke qiang මහතා හා ඉතාලි අග්‍රාමාත්‍ය Matteo Renzi මහතා අතර රෝමයේදී පැවති ද්විපාර්ශවීය හමුවෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    චීන - ඉතාලි උපක්‍රමීය හවුල්කාරීත්වය පිහිටුවීමේ 10 වන සංවත්සරය මේ වසරට යෙදෙන අතර එය දෙරටේ අතීතය හා අනාගතය යා කෙරෙන කදිම වේදිකාවක් වන බව Li ke qiang මහතා එහිදී තවදුරටත් පැවසීය. එමෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීම, බලශක්ති, මූල්‍ය, නවෝත්පාදන මෙන් ම මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාපාර යන ක්ෂේත්‍රයන් හි ඉතාලිය සමඟ ද්විපාර්ශවික වෙළෙඳ, ආයෝජන හා උපක්‍රමීය සහයෝගිතා පිහිටුවීමට චීනය සූදානම් බව  Li ke qiang මහතා කියා සිටී.
     
    මෙහිදී චීනයට හා ඉතාලියට ඉතා විශිෂ්ට සංස්කෘතියක් හිමි බව ඉතාලි අග්‍රාමාත්‍ය Matteo Renzi මහතා සිහිපත් කළේය. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් සමඟ සමීප සබඳතාවක් පවතින බවත්, සියලු ක්ෂේත්‍රයන් හි සබඳතා ඵලදායී හා සතුටුදායකව ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.
     

    ECB/shiyue (බීජිං නුවර සිට)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya