මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා පුහුණු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළියේදී

    ඔක්තෝබර් 09, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණු නිලධාරීන් දැනුවත් කිරීමේ දින 02ක වැඩසටහනක් අද (09) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය. 


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරුණු මෙම පුහුණු සැසියෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණු නිලධාරීන්ගේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම මූලික අරමුණ වේ.


    50කට ආසන්න ක්‍රීඩා පුහුණුකරුවන් මේ සඳහා සහභාගී වී සිටියහ. පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් සහ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා නිලධාරීහු මේ අතර සිටියහ. දින දෙක පුරාවට ම මෙම පුහුණු කඳවුර පැවැත්වෙන අතර දේශකයන් 05 දෙනෙකු මේ සඳහා සිය සම්පත් දායකත්වය සපයනු ඇත. වොලිබෝල්, මලල ක්‍රීඩා, දැල්පන්දු සහ පාපන්දු යන ක්‍රීඩාවන් මෙහි දී ප්‍රමුඛ වේ. ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩකයන් වෙත නව තාක්ෂණික දැනුම, නව ක්‍රීඩා සංචිත ස්ථාපිත කිරීම මෙමඟින් වැඩිදුරටත් බලාපොරොත්තුවන ප්‍රතිලාභයන්ය.

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන අංශයේ සම්බන්ධීකරණයෙන් මේ වැඩමුළුව සංවිධානය කර ඇත.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya