අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ශක්ති වැඩසටහනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 08, 2014

    ලොව දිනන ක්‍රීඩා ශක්ති වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු සංචිත සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ වැඩසටහන ලබන 10 දින පෙරවරු 8.00 සිට මාළිගාපිටියේදී පැවැත්වේ.


    මළල ක්‍රීඩා, වොලිබෝල්, දැල්පන්දු, පාපන්දු, පැසිපන්දු, බර ඉසිලීම, රගර් යන ක්‍රීඩා සඳහා පිරිමි හා කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 බැගින් 420 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙහිදී තෝරා ගැනෙති.

    මේ වැඩසටහන සඳහා තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් 1,500 සිට 2,500ක පෝෂණ දීමනාවක් ලබා දෙන අතර ක්‍රීඩා ඇඳුම් කට්ටල හා අනෙකුත් පහසුකම් ද ලබා දෙනු ඇත. මෙහි පුහුණුකරුවන් සඳහා රුපියල් 2,500 - 5,000ත් දක්වා දීමනාවක් ලබාදීමට නියමිතය.

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මගපෙන්වීම යටතේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    NDH/dmu kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya