කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්රතිවාදී ඇෆ්ගනිස්තාන ක්රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 112ක් පමණි.
ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් ශාරුජන් ශන්මුගනාදන් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ Nazifullah Amiri වන අතර, ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේය. ඊට අමතර ව Hamza Khan පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ප්රවීන් මනීශාන් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රංජිත්කුමාර් කඩුලු ද්විත්වය බැගින් ද කුගදාස් මතුලාන් කඩුල්ලක් ද දවා ගත්හ.
තරගාවලියේ ශ්රී ලංකා සහභාගී වන මීළඟ තරගය හෙට(03) බංග්ලාදේශය සමඟින් Dubai ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.