අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල - 2014

    ඔක්තෝබර් 02, 2014

    2014 - සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණි.


    හෙට (03), අනිද්දා (04) හා ලබන 06 දිනයන්හිදී  මේ ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග පැවැත්වේ.

    ලබන 05 දින ක්‍රීඩා තරග නොපැවැත්වෙන අතර එදින ක්‍රීඩා තරග සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු වන්නේ නම් පසුව දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මේ ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ලබන 07 දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya