අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සමනල යාය - 2014” ළමා ක්‍රීඩා සැණකෙළිය හෙට මුල්ලේරියාවේදී

    සැප්තැම්බර් 27, 2014

    ලෝක ළමා දිනයට සමගාමී ව පංචායුධ පදනම විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන “සමනල යාය - 2014” ළමා ක්‍රීඩා සැණකෙළිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) ප.ව. 1.00ට මුල්ලේරියාව, එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    මේ යටතේ පාරම්පරික ක්‍රීඩා ඉසව් පිළිබඳව දරු දැරියන් ව දැනුවත් කිරීමේ අරමුණෙන් පාරම්පරික ක්‍රීඩා ඉසව් රැසක් ම මෙදින සංවිධානය කර තිබේ. එමෙන් ම වයස අයුරුදු 10 – 15 වයස් කාණ්ඩය සඳහා ළමා සරුංගල් තරගයක් ද පැවැත්වේ. ඊට අමතර ව වයස අවුරුදු 14 – 18 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා මවුන්ටන් බයිසිකල් ශිල්ප දැක්වීමේ තරගයක් ද මෙදින සංවිධානය කර තිබේ.

     

    “සමනල යාය - 2014” ළමා ක්‍රීඩා සැණකෙළිය සඳහා දරු දැරියන් 2500කට අධික  සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිත ව ඇත. ඔවුන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් රැසක් ම මෙදින පැවැත්වේ. ඊට  අමතරව දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා විශේෂ දේශන වැඩසටහනක් ද මෙදින සංවිධානය කර ඇත.

     

    මෙම අවස්ථාවට කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, අන්තරායක ඹෟෂධ පාලක මණ්ඩලයේ සභාපති ලේෂා ද සිල්වා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්. සේනාරත්න යන මහත්ම මහත්මීන්, දෙමව්පියන් සහ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත ව ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya