නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නාගරික ජනාවාසවල ක්‍රිකට් තරගාවලියක් හෙට

    සැප්තැම්බර් 27, 2014

    2014 ලෝක ජනාවාස දිනයට සමගාමී ව කොළඹ නාගරික ජනාවාසවල සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ (කාන්තා / පිරිමි) අවසන් මහා තරගයේ සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දින පෙ.ව. 9.00ට රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

     

    “ජනසෙවණ ස්වශක්ති” මානව සංවර්ධන වැඩසටහනට අනුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර ඇත.

     

    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, එහි අධ්‍යක්ෂ පෙනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්, නාගරික ජනාවාසවල ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත ව ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya