මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග හම්බන්තොට දී

    සැප්තැම්බර් 28, 2014

    40 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග ඔක්තෝබර් 11, 12 දිනයන්හි හම්බන්තොට වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කරයි.

     

    මෙහි සමාරම්භක උළෙල ඔක්තෝබර් 11 දින පස්වරු 3.30ට පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රාත්‍රී 9.00 වන තෙක් මේ තරග පැවැත්වෙනු ඇත. තරග අතරතුර විවේක කාලවලදී දර්ශනීය නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට ද සංවිධායක මඩුල්ල කටයුතු යොදා ඇත.

     

    මේ තරග නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා තරග අවසන් වූ පසුව පොදු ප්‍රවාහන පහසුකම් ද රාත්‍රී කාලයේදී සැපයේ.  



    NDH/JP_dmu_hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya