අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් බන්ධනාගාර නේවාසික සය සාමාජික ක්‍රිකට් තරග අද

    සැප්තැම්බර් 28, 2014

    අන්තර් බන්ධනාගාර නේවාසික සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරු 8.00ට ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් අනුව බන්ධනාගාර නේවාසිකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් එළිදැක්වීමේ අරමුණින් මෙය පවත්වනු ඇත.


    නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ද මීට සහභාගිවීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya