දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන අංශය විසින් මෙම පුහුණු කඳවුර සංවිධානය කළ අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වී සිටියහ.
ඒ අනුව වයස අවුරුදු 15, 16, 19 යන වයස් කාණ්ඩ යටතේ වොලිබෝල් කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු වූ අතර එමඟින් දිස්ත්‍රික් වොලිබෝල් සංසද ස්ථාපිත කිරීම මෙහි මූලික ම අරමුණයි.
දවස පුරා පැවති මෙම පුහුණු කඳවුර තුළ ක්‍රීඩා උපදේශන සේවාවන්ට අමතරව ශාරීරික ව්‍යායාම පාඨමාලාවක් ද පැවැත්විණි. ඒ ඒ වයස් කාණ්ඩවලින් තෝරාගත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 500ක මාසික පෝෂණ දීමනාවක් ලබා දීම ද මෙහිදී සිදු විය. මෙවැනි ක්‍රීඩා කඳවුරු අඛණ්ඩව මාසිකව පැවැත්වීමට යේජිතය.
NDH/SH-dmu nuwaraeliya