අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පිළ බංග්ලාදේශයට - අවිශ්ක සහ වැන්ඩර්සේ විස්සයි-20ට

    පෙබරවාරි 29, 2024

    බංග්ලාදේශ සමග පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දිවයිනෙන් පිටත්ව ගියා.


    මෙලෙස බංග්ලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

    පළමු තරග දෙකේ දී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි. ඒ, විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංගට එරෙහිව තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) ගත් තීරණය හේතුවෙන්.

    ජෙෆ්රි වැන්ඩර්සේ විස්සයි20 තරගාවලියකට කැඳවා ඇත්තේ වසර 2කට පසුව වන අතර අවිශ්කට ද  වසරකට පසු විස්සයි20ට අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයක්. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් මේ තරගාවලිය අහිමි වීම නිසා ඔහු වෙනුවට අවිශ්ක මෙම සංචිතයට කැඳවා තිබේ.

    දෙරට අතර විස්සයි-20 තරඟාවලිය මාර්තු 4 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මාර්තු 6 සහ 9 දිනවල සිල්හෙට්හිදීම පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුෂංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya