අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆන්ග් වොන්ග් වාසුලිය නැගෙනහිර චීනයට පහර දේ

    සැප්තැම්බර් 23, 2014

    සැප්තැම්බර් 22 (ෂින් හුවා ප්‍රවෘත්ති සේවය) - තද සුළි සුළං තත්ත්වයක් සමඟ ෆන්ග් වොන්ග් වාසුලිය නැගෙනහිර චීනයේ චජියෑන් පළාතේ (Zhejiang Province) ගොඩබිම් ප්‍රදේශයට ඊයේ (22) සේන්දු විය.

    තත්පරයට මීටර් 28ක වේගයකින් ප.ව. 7.35ට පමණ නින්බෝ (Ningbo) නගරයේ සියැන්ග්ශාන් (Xiangshan) ජනපදයේ හෙපු නාගරික වෙරළ තීරයට සේන්දු වූ ෆන්ග් වොන්ග් වාසුලිය මේ වනවිට උතුරු ප්‍රදේශයේ සිට ගිනිකොන දෙසට වර්ධනය වෙමින් පවතී.


    නින්බෝ (Ningbo) නගරයේ සොවුශාන් සහ ශාඔක්සින් ප්‍රදේශවලට ෆන්ග් වොන්ග් වාසුලි කුණාටුවෙන් තදබල ලෙස බලපෑම් එල්ල කළේය.

     

    මෙම වසරේ චීනයට බලපෑ 16 වැනි වාසුලිය මෙය වේ. තද වර්ෂාව හා තද සුළං හේතුවෙන් චජියෑන් පළාතේ නිවාස 13ක් බිමට සමතලා විය. 

     

    ඊයේ (22) දහවල් සිට 250,517 වඩා ප්‍රදේශවාසීන් පළාත අතහැර පළාගිය අතර 32,900කට අධික යාත්‍රා ආරක්ෂාව පතා වරායන් වෙත ගෙන්වා ගන්නා ලදී.


    ප.ව. 08.00 පමණ වන විට වර්ෂාපතනය නින්ග්බෝ නගරයේ මිලි මීටර් 100ට ළඟා වූ අතර හෙපු ප්‍රදේශයේ මිලිමීටර් 284 දක්වා ඉහළ නැගුණු බව දේශීය ගංවතුර පාලන කාර්යංශය ප්‍රකාශ කළේය.


    සියැන්ග්ශාන් (Xiangshan) ජනපදයේ හෙක්ටයාර 8,000ක පමණ වගා බිම් ප්‍රදේශයක් මෙම වාසුලිය නිසා ඇති වූ වර්ෂාවේ ගංවතුරින් යට විය.

     

    ගුවන් යානා ගමන්වාර අවලංගු කළ අතර වරාය නගරයේ බස් සේවා 117ක් අත්හිටුවා දැමීය.  වෙන්චෝව් (Wenzhou) නගරයේ බාලාංශ, ප්‍රාථමික සහ මධ්‍යම පාසල් සඳුදා වසා දැමීය.


    වාසුලිය ගොඩබිමට සේන්දු වීමට ප්‍රථම, වෙන්චෝව් (Wenzhou) නගරයේ කඳු බෑවුම් වෙත අශ්වයන් රැගෙන ගිය කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු ගැමියන් දස දෙනෙකු ගංවතුරින් කොටු වී සිට පැය 4ක වෑයමකින් ගිනි නිවන හමුදා භටයන් විසින් ගලවාගන්නා ලදී.


    පළාතේ රජය විසින් නගරයේ බිම්මහල්, ගරාජ හා ගබඩා කාමර ගංවතුර හේතුවෙන් වතුරින් යට වීම වළක්වා ගැනීමට උත්සුක වී කටයුතු කළේය.


    පසුගිය වසරේ නැගෙනහිර චජියෑන් හි යුයාඕ නගරයට බලපෑ තදබල ගංවතුරින් පසු හා ශතවර්ශයකට පසු වෙරළ නගරයට බලපෑ දරුණු ම වාසුලිය මෙය වේ.


    අද (23) ෂාං හැයි මහ නගර සභා බල ප්‍රදේශයට ෆන්ග් වොන්ග් වාසුලිය ළඟා වේයැයි අපේක්ෂා කෙරේ. 100,000කට අධික ජනතාව ඉන් ඇති වන වර්ෂාවෙන් හටගන්නා ගංවතුර තත්ත්වය මර්දනයට සූදානමින් සිටිති.


    ගුවන් ගමන් 12ක් හා ජල ප්‍රවාහන ක්‍රම අත්හිටුවමින් ෆන්ග් වොන්ග් වාසුලිය පසුගිය (21) පෙ.ව. 10ට පමණ තායිවානයට පහර දුන්නේය.

     

    ඊට පෙර ෆන්ග් වොන්ග් වාසුලිය පිලිපීනයේ මෙට්‍රො මැනිලා ඇතුළු නැගෙනහිර පෙදෙසේ දස දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කළ බව පිලිපීන රජයේ ආපදා කළමනාකරණ ආයතනය පැවසීය.

     

    ECB/SDF_ (Xinhua news agency)

    china2china3china1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya